Tuesday, December 24, 2024

General line - 0115112241

දේශපාලනය ඉගෙන ගන්න ඇකඩමියක් ඇරඹෙයි




රැකියා දස ලක්ෂයක් වෙනුවට රැකියා විසි ලක්ෂයක් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කිරීමට හැකි සැළසුම් තමන් සතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත බණ්ඩාර පැවසුවේ එම වැඩපිළිවෙල අපේ‍්‍රල් 02 වැනිදා පැවැත්වෙන සිය ජාතික සමුළුවේදි එළි දක්වන බවයි.

අනාගතයේදී පිරිසිදු දේශපාලඥයෙකු බිහිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා.

පක්ෂ විපක්ෂ ඕනෑම තරුණ තරුණියකට මෙම ඇකඩමිය තුළින් නොමිලේ පුහුණුව ලබාගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සඳහන් කළා.

මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලාව ආරම්භ වීම මේ මස 19 වැනිදා සිදුවන අතර, පුහුණු පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදීමටද සැලසුම්කර තිබෙනවා.
    
තුන් මාසික පාඨමාලාවක් ලෙස පැවැත්වෙන මෙම පාඨමාලාවට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, ඩාර්ලි පාර, මරදාන යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතු බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.