යුද අපරාධ චෝදනා නැගිය යුත්තේ එල් ටී ටී ඊ සංවිධානයට සහය දැක්වූ පිරිස්වලට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඇවන්ගාඞ් සමාගමට අදාළ නඩුවට සහභාගි වී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ අද පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් එදා පැහැදිළිවම එල් ටී ටී ඊ සංවිධානය සමග වැඩ කළ බවයි. ඔවුන් සිදු කළ යුද අපරාධ පිළිබඳව අද කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සඳහන් කළා.