Tuesday, December 24, 2024

General line - 0115112241

සිසුවෙක් නි.විදුහල්පතිගේ ඇඟිල්ල කඩයි




පින්නවල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ ඇඟිල්ලක් කඩා දැමූ එම පාසලේ 13 වන ශ්‍රේණියේ සිසුවෙකු පිළිබඳ පුවතක් වාර්තා වුණා.

සිද්ධියෙන් අතේ ඇඟිල්ලට බරපතල තුවාල සිදුව ඇති නියෝජ්‍ය විදුහල්පතිවරයා කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුට එහිදී ශල්‍යකර්මයකටද සිදු කර තිබෙනවා.

නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදුන් සිසුවා  මීට පෙරද විනය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින 14 ක් පන්ති තහනම් කර සිටි සිසුවෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.