Tuesday, December 24, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් පසු අචලාට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය




වෛද්‍ය නොසැලකිල්ලක් නිසා අතක් අහිමි වූ මාතර අචලා පි‍්‍රයදර්ශනී නීතිඥවරියට සාධාරණය ඉටුකරදීමට තමන් උපරිම ලෙස කැපවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න පවසනවා.

ඇය නීතිඥවරියක ලෙස දිවුරුම් දී සිටියත් ස්ථිර රැකියාවක් හෝ තවමත් ඇයට ලැබී නොමැති බව නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා.

සිදුවූ අනතුර සම්බන්ධයෙන් නඩු කටයුතු දිග්ගැස්සීම නිසාද  අචලා පි‍්‍රයදර්ශනි පීඩාවට පත්ව සිටිනවා. ඇය මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ පාර්ශ්ව කිහිපයක් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. එලෙස දැනුවත් කෙරුණු පිරිස අතරින් එක් අයෙකු වන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ නෙත් නිවුස්, චතුර සේනාරත්න මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර ඇති බවයි. ඒ අනුව ඉතාම කෙටි කාලයක් තුළ අචලා ප්‍රියදර්ශනි වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇති බවත් සඳහන් කළා.

අචලා පි‍්‍රයදර්ශනි සිය ගෙවත්තේදී ඇද වැටී අනතුරට ලක්වුයේ 2013 වසරේදීයි. පසුව ඇය මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර අතක් කපා ඉවත් කෙරුණේ එහි කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා බවටයි අචලා පි‍්‍රයදර්ශනි අධිකරණයේ නඩු පවරා තිබෙන්නේ.