Thursday, September 19, 2024

General line - 0115112241

කැනඩාවේ අනුග්‍රහය උතුරට




කැනේඩියානු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිව් දෙනෙකු සහ ආයෝජකයන් පිරිසක් ඊයේ (15) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, උතුරු පළාතේ කැනඩා රජයේ අනුග‍්‍රහය යටතේ ආරම්භ කළ හැකි කර්මාන්ත සම්බන්ධවයි.

යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් උතුරු නැගෙනහිර පළාත්වල එලෙස කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමටයි කැනඩා රජය සහ එරට ආයෝජකයන් සූදානම් වන්නේ.

උතුරු පළාත තුළ ආරම්භ කළ හැකි කර්මාන්ත පිළිබඳ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී කැනඩා නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා.