Thursday, September 19, 2024

General line - 0115112241

මල්ලි ගියේ බාධා මැද - සෝමාලියානු කොල්ලකරුවන්ට හසු වූ ලාංකිකයෙකුගේ සහෝදරියක් කියයි




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිටින ශී‍්‍ර ලාංකික අට දෙනාගෙන් එක් අයෙකු වන මතුගම, මීගහතැන්නේ පදිංචි කේ ටී පී ආර් සම්පත්ගේ සහෝදරිය නෙත් නිවුස් වෙත තොරතුරු හෙළි කළා.

එහිදී ඇය සඳහන් කළේ සිය සහෝදරයා මෙම ගමන ගියේ බාධා රැසක් මධ්‍යයේ බවයි.

"මල්ලී ගියේ ජනවාරි 28 වැනිදා. මට කෝල් කරලා කිව්වා අක්කේ මම අද දවල්ට යනවා කියලා. එයා යන්න කලින් එයාගේ ගුවන් බලපත්‍ර, හැඳුනුම්පත් නැති වුණා. කොහොමහරි පොලිස් වාර්තා අනෙකුත් අවශ්‍ය සහතික ලබාගෙන ගමන යන්න ලෑස්ති වුණා. බාධා වුණ නිසා අපි එයාට යන්න එපා කියලත් කිව්වා. එයාගේ බිරිඳට මාස 03 ක පොඩි දරුවෙක් ඉන්නවා. අපි රජයෙන් ඉල්ලන්නේ මේ පිරිසව කොහොම හරි ගෙනල්ලා දෙන්න කියලයි."