Thursday, September 19, 2024

General line - 0115112241

මේ ගෙවෙන්නේ යහපාලන රජයේ සංක්‍රාන්ති සමයයි




රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මේ රටේ ජනතාවට දැකබලා ගත හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බවත් ඔහු සඳහන් කළා.

නව ව්‍යවස්ථාව සකස් කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය උචිත නැහැ. ඔවුන් සිතාගෙන සිටින්නේ පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම කියලයි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය ගැන කථා කරන්න පුළුවන් අය නැහැ. ජනතාවගේ මුදල් සූරා කෑ පිරිසක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ. ඇතැම් අය දේශපාලනයේ "අ” යන්න කියන්නවත් දන්නේ නැහැ. කිසිඳු අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයින් ද එහි සිටිනවා." 

"යහපාලන රජයේ සංක්‍රාන්ති සමය මේ වනවිට ගෙවී යනවා. ඉන් පසු ශක්තිමත් බලවේගයක් ලෙස 2020 පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේ මම ප්‍රකාශ කළ අනාවැකි නිවැරදි වී තිඛෙනවා.”