හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව, අයථා ලෙස මුදල් හා දේපළ ඉපැයීමේ සිද්ධියකට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණුකර තිබෙනවා.
ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි.
කොළඹ 07, කිංසි පාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27 කට හිටපු අමාත්‍යවරයා විසින් මිළදී ගෙන ඇති බවත් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට ඔහු අපොහොසත්වී ඇති බවට නීතිපතිවරයා චෝදනා ගොණු කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් අරමුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකර ඇති බවටද නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.