Thursday, September 19, 2024

General line - 0115112241

ගිනිඅවි සහිත ආරක්ෂාව යටතේ පොට්ට නවුෆර් රෝහල් ගත කරයි (VIDEO)




විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් අද (16) පෙරවරුවේ රෝහල් ගත කළා.

වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් මොහු මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කළ බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහ ගිනිඅවි සහිත පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ ඔහුව මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.