Thursday, September 19, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ගංජා ජාවාරමක් හෙළි වෙයි




මහනුවර ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරමක් සිදුකළ කෝටිපති ව්‍යාපාරියෙකු ගංජා කිලෝ 12 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී සොයා ගැණුනු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.  

මහනුවර ප‍්‍රදේශයේ සොයා ගැණුනු විශාලතම කේරළ ගංජා තොගය මෙය වනවා.

වැටලීම් සිදුකළේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින්.  

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සංචාරක ව්‍යාපාර කටයුතු මුවාවෙන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ.

යාපනය ප‍්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා තොගය මහනුවරට ප‍්‍රවාහනය කර ඇති බවද මෙහිදී හෙළි වුණා.