සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් එළිදක්වා ඇති නැකැත් සීට්ටුවේ දෝෂ පවතින බව ජෝතිෂ්‍යවේදි ඉන්දික බෙන්තර විතානගේ පවසනවා.
වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය සදහා ඉදිරිපත් කර ඇති නැකැත්වල එම දෝෂ පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ පිළිබද නෙත් නිවුස් අලූත් අවුරුදු නැකැත් කමිටුවේ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙකු වන ජෝතිෂ්‍යවේදී පි‍්‍රශාන්ත මලෙවිගේ ගෙන් ද කරුණු විමසීමක් කළා.
පසුගිය වසරේ නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සදහා ස්නානයට අදාළ නැකත වැරදි බවද එම අවස්ථාවේදී ජෝතිෂ්‍යවේදී ඉන්දික බෙන්තර විතානගේ පැවසුවා.
එහෙත් ජාතික නැකැත් කමිටුව එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කළා.