Tuesday, May 21, 2024

General line - 0115112241

අගමැතිට රෙඩ් කාඩ් පෙන්වන්න - ඇමති ඩිලාන් ජනපතිට කියයි




යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. 

එහිදී අග‍්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද ජනාධීපතිවරයා ඍජුව කටයුතු කළ යුතුව ඇති බවයි බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ.

වංචාකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතැබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. 

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීම සදහා ගාලූ මුවදොර පිටිය ලබා දිම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ කෙරුණා.ඔහු එහිදී පැවසුවේ මෙය අග්‍රාමාත්‍යවරයා හා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ඇති ඩීල් එකක් බවයි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් කල සමයෙන් පසුව කිසිවෙකුට ගොල්ෆේස් පිටිය ලබාදී නොමැති බවත් එමෙන්ම තම ආණ්ඩු සමයේ පවා ගොල්ෆේස් පිටිය ලබා නොගත් බවත්, නමුත් මෙවර අඩුපාඩුද සකසා අග්‍රාමාත්‍යවරයා විසින් ගේල්ෆේස් පිටිය ලබාදීමට කටයුතු කර ඇති බවත් ඩිලාන් පේරේරා මන්ත්‍රීවරයා සඳහන් කළා.