Tuesday, May 21, 2024

General line - 0115112241

හැටන් බස් නැවතුම්පොළේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්




හැටන් ලංගම බස් නැවතුම්පොළේ මගී පර්යන්තයේ තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් බස් නැවතුම්පොළේ වැසිකිළි පද්ධතිය භාරව කටයුතු කළ පුද්ගලයා බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මිය ගිය පුද්ගලයාගේ මුහුණේ තුවාල දක්නට ඇති බවත් කිසියම් පිරිසක් ඔහුට පහර දීමෙන් ඝාතනය සිදුව ඇත්දැයි සැක කෙරෙන බවත් හැටන් පොලිසිය සඳහන් කළා.