Wednesday, May 22, 2024

General line - 0115112241

නීති විරෝධී මත්පැන් සමග මිනුවන්ගොඩදී සැකකරුවෙකු අත්අඩංගුවට




මිනුවන්ගොඩ කටුවල්ගම ප‍්‍රදේශයේදී නිති විරෝධී මත්පැන් ළඟ තබා ගත් සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු සතුව තිබී ගෝඩා බැරල් 05ක් සිය භාරයට ගත් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ. 

සැකකරු 56 හැවිරිදි දූනගහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිිරිමට නියමිතයි.