Tuesday, May 21, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පැය හතරකට වැසෙයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ මාතර අතර මංතීරුව පැය 4කට වසා දමා තිබෙනවා. 

ඒ, පස්වරු දෙකයි තිහේ සිටයි. පෙරළී ඇති සිමෙන්ති බවුසරයක් ඉවත් කිරීමට සිදු වීම මීට හේතුව බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. 

මාර්ගය වසා දමා ඇති කාල සීමාව තුළ කොට්ටාව සිට මාතර දෙසට ගමන් ගන්නා සියලූ වාහන කොක්මාදුව පිවිසුම් දොරටුවෙන් පිටවිය යුතු බවටයි වැඩිදුරටත් දැනුම් දුන්නේ.