Thursday, May 16, 2024

General line - 0115112241

රුවන්වැලි මහ සෑ වන්දනාව සාර්ථකව අවසන්




උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ප‍්‍රාර්ථනා කිරීමේ අරමුණින් සහ බක්කුල මහාසෑයේ ඉදිකිරීම්වලට ආශිර්වාද ප‍්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඊයේ (08) පස්වරුවේ පැවති රුවන්වැලි මහ සෑ වන්දනාව සාර්ථකව අවසන් කෙරුණා.

පිංකමේ කටයුතු ආරම්භ කෙරුණේ කප් රුක ඇතුළු පූජා ද්‍රව්‍ය පෙරහැරකින් රැගෙනවිත් රුවන් වැලි මහා සෑ රදුන්ට පූජා කිරීමෙන් අනතුරුවයි.

පිංකමට සහභාගී වූ නෙත් එෆ් එම් ශ‍්‍රාවකයින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.

එහිදී ඔවුන් සඳහන් කළේ නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ආගමික වැඩසටහන් බොහෝමයකට තමන් සහභාගී වන බවයි. මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කරන්නට ශක්තිය ලැබේවා ලෙස පාර්ථනා කරන බවද සඳහන් කළා.

......................................

රුවන්වැලි මහ සෑ වන්දනාවට සියල්ල සූදානම්

(08-04-2017 16:33)

 

උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට ආශිර්වාද ප‍්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ‘‘රුවන්වැලි මහා සෑ වන්දනාව‘‘ තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. 

ඒ සඳහා මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ. 

දසදෙසින් පැමිණි අති විශාල පිරිසක් මේ වනවිටත් රුවන්වැලි මහ සෑ රඳුන් අභියසට පැමිණ සිටින බවද ප‍්‍රකාශ කෙරුණා. 

‘‘රුවන්වැලි මහා සෑ වන්දනාව‘‘ ආරම්භ කරමින් කප් රුක ඇතුළු පූජා ද්‍රව්‍ය රැගත් පෙරහැර රුවන් වැලි මහා සෑ රදුන් අභියස දක්වා ගමන් අරම්භ කිරිමට නියමිතව ඇත්තේ අද පස්වරු 04ටයි. 

‘‘රුවන්වැලි මහා සෑ වන්දනාව‘‘ නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජිවිව විකාශය කිරීමට ද නියමිතයි.