Saturday, September 21, 2024

General line - 0115112241

අවුරුද්දට නිවස සරසන විට විදුලිසැර වැදී අඹුසැමි යුවලක් මරුට




චුන්නාකම් සෙල්ලච්චි අම්බියාර් ප‍්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවලක් මියගොස් තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ නිවසේ සැරසිලි කටයුත්තක් සිදු කිරීමට ගිය අවස්ථාවේ දී ඔවුන්ට විදුලි සැර වැදී ඇති බවට සැක පල කරන බවයි. 

මියගොස් ඇත්තේ තිස්හය හැවිරිදි කාන්තාවක් සහ හැට දෙහැවිරිදි පුද්ගලයෙක්. 

ඔවුන්ගේ මෘත දේහ යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.