Saturday, September 21, 2024

General line - 0115112241

නියඟයෙන් පීඩා විඳි ජනතාවගේ බැංකු ගිණුම්වලට ජනපතිගෙන් මුදල් 




නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවති හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍යට එක්වෙමින්. 

රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් රජය ඉටු කර ඇත්තේ වෙනත් කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

සාම්ප‍්‍රදායිකව, වාර්ෂිකව මහ කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොයිඳුල් සහලින් ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් පිදීම මෙහිදී සිදු කෙරුණා. 

මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් වස විස නැති දේශීය සහල් බඳුනක් මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.