ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජනාකීර්ණ ස්ථානයකට ලොරි රථයක් කඩා වැදී ඊයේ සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම ලොරි රථයේ රියදුරා බවටයි විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නැහැ.
සැකකරු උස්බෙකිස්තාන ජාතිකයෙකු බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒවායේ දැක්වුණේ ලොරි රථයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවයි.
එහෙත් එයට පොලිසිය එය මෙතෙක් තහවුරු කර නැහැ.
ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් පහළොස් දෙනෙකු තුවාල ලැබුවා.