ක්‍රිකට් ලෝකයට පකිස්තානයෙන් දායාද වූ සුවිශේෂි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන යුනිස් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ අවසන් තරගාවලිය වන්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියයි.
යුනිස් ඛාන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන්නේ නව වාර්තාවක් ද පිහිටුවමින්.
ටෙස්ට් ලකුණු දස දහසේ සීමාව පසු කළ පළමු පකිස්තාන ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 23ක් පමණයි.
2000 වසරේ ටෙස්ට් වරම් දිනාගත් තිස්නව හැවිරිදි යුනිස් ඛාන් තරග 115ක දී ලකුණු 9977ක් රැුස්කර ගෙන සිටිනවා.
ශතක 34කට හිමිකම් කියන ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 53 යි දශම බින්දුවයි හයක්.
පකිස්තානයෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන මිස්බා උල්හක්ද ප්‍රකාශ කළේ එළඹෙන කොදෙව් සංචාරයෙන් පසුව තමන් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි.