Saturday, September 21, 2024

General line - 0115112241

තාවකාලිකව වැසුණු දක්ෂිණ අධිවේගයේ කොටස යළි විවෘත වෙයි




තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ මාතර අතර මංතීරුව යළි විවෘත කර තිබෙනවා. 

මාර්ගය වසා දැමුණේ සිමෙන්ති බවුසරයක් පෙරළීම හේතුවෙන්. 

ඒ, පස්වරු දෙකයි තිහේ සිට පැය හතරක කාලයකටයි. 

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දී අවධානයෙන් ගමන් කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 
එළඹෙන අලූත්  අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ රථ වාහන තදබදය හා අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි ජනතාව දැනුවත් කෙරුණේ.