Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ කාලය අවසන් වන දිනය ගැන අනාවරණයක්




පසුගිය රජයේ දූෂණ වංචා පිළිබඳ සියලූ තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

අමාත්‍යවරයා සඳහන් කළේ එම හෙළිදරව්වෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බවයි. 

ඔහු මෙම අදහස් පල කළේ කැබිතිගොල්ලෑව මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින්. 

ලබන මැයි මස පළමු වනදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිදු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කළා. 

ඔහු කියා සිටියේ ගාලූ මුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් රාජ්‍ය ආයතන වැටලීමට ඔවුන්ට හැකි බවයි. 

එහෙත් ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කරන අයුරින් ජනතාව ඊට සහභාගී නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.