Saturday, September 21, 2024

General line - 0115112241

ස්වීඩනය කැළඹූ ලොරි රථයේ අභිරහස් උපකරණයක් මතුවෙයි




ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජනාකීර්ණ ස්ථානයකට කඩා වැදුණු ලොරි රථයේ තිබී සැක කටයුතු උපකරණයක් හමු වී තිබෙනවා. 

ඒ, ලොරි රථයේ රියදුරු අසුන යට තිබියදීයි. එය කිසියම් තාක්ෂණික උපකරණයක් ලෙසටයි සැලකෙන්නේ. 

ඊයේ සිදු වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙම ලොරි රථයේ රියදුරා බවට විශ්වාස කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. 

කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නැහැ. 

තිස්නව හැවිරිදි සැකකරු උස්බෙකිස්තාන ජාතිකයෙකු බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ඊයේ සිදුවූ මෙම ප‍්‍රහාරයෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් පහළොස් දෙනෙකු තුවාල ලැබුවා.