Saturday, September 21, 2024

General line - 0115112241

ඉහළ නිලධාරියෙකුගේ නිවසේ රාජකාරි කළ සෙබලාගේ මරණය අභිරහසක්ලු




ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු ලෙස සේවය කළ බී.ඩී.එම්. සෙනෙවිරත්න නමැති තම පුත‍්‍රයාගේ මරණය සැක සහිත බව පවසමින් ඔහුගේ පියා කැකිරාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පොලිසිය අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවට කරුණු වාර්තා කොට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. 

අදාළ යුද හමුදා කෝප‍්‍රල්වරයා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුගේ නිවසේ රාජකාරී සඳහා අනියුක්ත කර තිබුණා.

තම පුත‍්‍රයා ඉකුත් 06 වැනිදා සිදු වූ රිය අනතුරකින් මිය ගිය බවට යුද හමුදාවෙන් දැනූම් දීමක් ලැබුණු බවත් පසුව තම පුත‍්‍රයා ගෙළ වැළලාගෙන දිවි නසාගත් බවත් යුද හමුදා නිලධාරීන් ප‍්‍රකාශ කළ බවත් මියගිය කෝප‍්‍රල් බී.ඩී.එම්. සෙනෙවිරත්නගේ පියා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

අදාළ මරණය සම්බන්ධයෙන් ලබන 20 වැනිදා නැවත පරීක්ෂණයක් සිදු කරන බව හදිසි මරණ පරීක්ෂකවරයා ද ප‍්‍රකාශ කර තිබෙනවා.