දමන වානේගමුව පල්ලියේ පැවති උත්සවයක් අතරතුර ලබාදුන් ආහාර විෂවීමකින් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ දිනයේ පල්ලියේ ආහාර පිසූ ප‍්‍රධාන අරක්කැමියන් දෙදෙනායි.
ඔවුන් ඊයේ (08) අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණා.
කෙසේ වෙතත් ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.