ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වුවද ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය යුතු බව විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගාස්තු සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ජල ගාස්තු වැඩි කිරීමට අවශ්‍යතාව තිබුණද ඒ සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී ජනාධිපතිවරයාගේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවයි.
කෙසේවෙතත් විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් මීට පෙර සඳහන් කර තිබුණේ කුමණ බාධක පැමිණියත් ජල ගාස්තු වැඩි කිරීම සිදු කරන බවයි.