Wednesday, May 22, 2024

General line - 0115112241

ගව මස් ප‍්‍රවාහන කළ තිදෙනෙක් අත්අඩංගුවට




ත‍්‍රිරෝද රථයකින් නීති විරෝධීව ගව මස් ප‍්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මිහින්තලය රඹැව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

ගව මස් තොගය මැදවච්චිය ඉකිරිගොල්ලෑව සිට මහනුවර අකුරණ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ. 
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැණූනා. 

ගව මස් තොගය ත‍්‍රිරෝද රථයේ පසුපස අසුන යට සූක්ෂම අයුරින් සඟවා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. 

මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ මිහින්තලය පොලිසිය මගින් ක‍්‍රියාත්මකයි.