Sunday, September 22, 2024

General line - 0115112241

මුහුදු රළට අසු වූ පවුලක්ම ගසා ගෙන යයි - කුඩා දැරියක් මරැට 




ගන්දර නූනවැල්ල මුහුදු තීරයේ දී දැරියක් මුහුදු රළකට හසුව ගසා ගෙන ගොස් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල පදිංචිව සිටි එකොළොස් හැවිරිදි දැරියක්. 

ගන්දර ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ සිරි නැරඹීම සඳහා ඇය සිය පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරළට ගොස් තිබෙනවා. 

දැරිය සමග ඇයගේ දෙමාපියන් ද රළ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති නමුත් ඔවුන් දිවි බේරාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.