Sunday, September 22, 2024

General line - 0115112241

කැරට් කැබැල්ලක් සිර වූ අම්බලන්තොට ළදරුවා එලොව යයි (PHOTOS)




කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අම්බලන්තොට ප‍්‍රදේශයේ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට චිත‍්‍රාගල ඩිපෝ හන්දිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

උදෑසන ආහාරය ලබාදෙන අවස්ථාවේදී කැරට් කැබැල්ලක් උගුරේ සිරවීම හේතුවෙන් එම දරුවා අම්බලන්තොට රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා. 

දරුවා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව එම රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.