Sunday, September 22, 2024

General line - 0115112241

හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේ




හසලක පොලිස් බල ප‍්‍රදේශයේ තුනේ කණුව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. 
අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය පරීක්ෂා කර බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය යොදවා එය නිෂ්ක‍්‍රීය කළ බවයි හසලක පොලිසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද හසලක පොලිසිය සඳහන් කළා.