Sunday, September 22, 2024

General line - 0115112241

කුණු කන්දේ සිද්ධිය ගැන වාර්තාවක් දින 05ක් ඇතුළත ලබාදෙන්නැයි ජනපතිගෙන් නියෝගයක් (PHOTOS)




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් දින පහක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට අද (16) උපදෙස් ලබා දුන්නා. 

විපතට පත් වූ පවුල් සංඛ්‍යාව සහ හානි වූ දේපල පිළිබඳ නිසි ගණනයක් හා තක්සේරුවක් සිදු කර එම වාර්තාව ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. 

මෙම සිද්ධියෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා. 

විපතට පත්වූ ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවල දී මුදල් පිළිබඳ ගැටළුවක් ඇති කර නොගන්නා ලෙසත්, ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. 

අමාත්‍යවරුන් වන අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙන්ම ත‍්‍රිවිධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.