Sunday, September 22, 2024

General line - 0115112241

අගමැති රනිල් වියට්නාමයට යයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) හැනෝයි නගරයේ නොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් වියට්නාමයට ළඟා වුණා. 

ඒ, වියට්නාම අග‍්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයකට එක්වීම සඳහායි. 

වියට්නාමයට ළඟා වූ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූයේ වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින්. 

ඒ වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පැවති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. 

මෙම නිල සංචාරය අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වියට්නාම ජනාධිපති, අගමැති ඇතුළු එරට ඉහළ පෙලේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.