Sunday, September 22, 2024

General line - 0115112241

බුදු පිළිම වාහනයක අඩ තැබීමට යොදාගත් දෙදෙනා අධිකරණයට




සිංහල හා දෙමළ අලූත් අවුරුදු දිනයේ පේරාදෙණිය නගරයේ දී බුදු පිළිම දෙකකට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරුණා. 

ඒ,  මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

එහිදී සැකකරුවන් දෙදෙනා රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. 
සැකකරුවන් දෙදෙනාට ජූනි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මෙහිදී නියෝග කෙරුණා. 

මෙම සැකකරුවන් වාහනයකට අඩ තැබීම සඳහා එම බුදු පිළිම යොදාගෙන ඇති බවට ප‍්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

සැකකරුවන් දෙදෙනා පුත්තලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වල දී අනාවරණ වුණේ.