Friday, May 3, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ හිමාෂ, ඔලිම්පික් ශූරයෙක් පරදවයි (PHOTOS)




ශ‍්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්වෙන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරාජය කිරීමට අද (16) සමත් වුණා. 

ඒ, යූටෙක් ක්ලැසික් ආරාධිත මළල ක‍්‍රීඩා තරගාවලියේදීයි. 

ජැමෙයිකාවේ පුහුණුවීම්වල නිරත හිමාෂ ඒෂාන් මෙම තරගයේ දී හයවන ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10 යි දශම දෙකයි නවයක කාලයක් වාර්තා කරමින්. 

මෙම තරගයට සහභාගී වූ ඔලිම්පික් පදක්කම්ලාභී ජැමෙයිකානු ක‍්‍රීඩක යොහාන් බ්ලේක්ට හිමිවුණේ අටවන ස්ථානයයි. 

තරගය ජයගත් සානෙල් හියුස් තත්පර දහයයි දශම බින්දුවයි අටක කාලයකින් තරගය නිමා කළා.