Wednesday, May 8, 2024

General line - 0115112241

රැකීරක්ෂා සඳහා පිටව යෑමේ නැකැත උදා වේ




උදාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකැත මීට සුලු මොහොතකට පෙර උදා වුණ.

ඒ අද උදෑසන 6.28 ට යෙදී තිබූ සුබ මොහොතේදීයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලැබුණු දීර්ඝ නිවාඩුව නිමවා බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සාමාන්‍ය සේවා අද (17) සිට ආරම්භ වනවා.

ඒ අනුව මගීන් සඳහා අවශ්‍ය තරම් බස් රථ ධාවනයට යොදවා තිබෙන බවයි ශ‍්‍රී ලංගම පවසන්නේ.

පෞද්ගලික බස් රථ ද ඉකුත් දිනවලට සාපේක්ෂව අද වැඩි වශයෙන් ධාවනයට එක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඉකුත් දින කිහිපයේ දී පෞද්ගලික බස් ධාවනය වූයේ  සීමිත ප‍්‍රමාණයක් පමණයි. 

මගීන් වෙනුවෙන් මේ දිනවල අතිරේක දුම්රිය සේවා ද ක‍්‍රියාත්මක වනවා.

සෑම විශේෂ දුම්රියකම හමුදා නිලධාරීන් නිල ඇඳුමෙන් හෝ සිවිල් ඇඳුමෙන් ගමන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මගීන්ගේ සහ දුම්රියන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා කියා සිටියේ.