Tuesday, May 7, 2024

General line - 0115112241

හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක් (UPDATE)




ප‍්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ මෙලෙස තාක්ෂණික දෝෂයක් හටගත් බවයි.

මේ නිසා රත්නපුර, මතුගම, කොටුගොඩ, මාතර, අතුරුගිරිය, සපුගස්කන්ද, කොස්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීමක් සිදු වූ බවත් පැවසුවා. මේ වන විට විදුලිය යතාතත්ත්වයට පත්ව ඇති බවත් සඳහන් කළා.

-------------------------------

හදිසි විදුලි බිඳ වැටීමක්

(17-04 2017 07:03)

බේරුවල ඇතුඵ ප්‍රදේශ කිහිපයක මේ වන විට හදිසි විදුලි බිඳ වැටීමක් වාර්තා වෙනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුයේ විදුලි පද්ධතියේ ඇති දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදු ව ඇති බවයි.