Tuesday, May 7, 2024

General line - 0115112241

කෝටි 07ක ස්වර්ණාභරණ සමග අයෙක් මාට්ටු (PHOTOS)




රුපියල් කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (17) අලුයම කළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගත් බවයි ශ‍්‍රී ලංකා රේගුව පැවසුවේ.

මෙම පුද්ගලයා ඩුබායිහි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ තිබෙනවා.

අදාළ ස්වර්ණාභරණ තොගය ඔහුගේ අත්බෑගය තුළ සඟවා තිබුණු බවයි ශ‍්‍රී ලංකා රේගුව වැඩිදුරටත් කියා සිටියේ. 

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක පැවසුවේ මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝග‍්‍රෑම් 10ක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 වන වියේ පසුවන්නෙකු බවද කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හඳුනාගෙන තිබෙනවා.