Tuesday, May 7, 2024

General line - 0115112241

කසල ගැටලුව ගැන පරිසරවේදීන් අදහස් කියයි




ශ‍්‍රී ලංකාවේ කසල කළමනාකරණය අවිධිමත් වී ඇත්තේ දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ වරදින් බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

පරිසරවේදී සජීව චාමිකර සඳහන් කළේ ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් කසල ධනෝපායන මාර්ගයක් බවට පත් කරගෙන ඇති බවයි.

ඊට උදාහරණ සපයමින් ඔහු සඳහන් කළේ ලංකාවේ මේ වන විට සියලු පළාත් පාලන ආයතන වැඩි උනන්දුවක් දක්වන්නේ බදු ගත් ඉඩමක මෙම කසල බැහැර කිරීම සිදු කිරීමට බවයි. මෙම ක්‍රියාවලිය තුළ මුදල් උත්පාදන මාර්ගය සකස් වී ඇති බවද පෙන්වා දුන්නා. 

කසල රැඳවීම වෙනුවට ප‍්‍රමුඛත්වය දිය යුත්තේ කසල කළමනාකරණයට බවයි පරිසරවේදී සජීව චාමිකර මෙම කරුණු දැක්වීමේ දී අවධාරණය කළේ.