මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් අතුරුදන්ව ඇති පුද්ගලයන් 30 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට සොයා ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලැබුවා.
පවුල් 228ක පුද්ගලයන් 980 දෙනෙකු මෙම සිද්ධියෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.