වියට්නාම ජාතික රාජ්‍ය සබාවේ සහ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ, එරට සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ වියට්නාම ජාතික රාජ්‍ය සභා සභාපතිනි ‘‘ගුයෙන් ති කිම් ගන්‘‘ අතර පැවති ද්වී පාර්ශවීය සාකච්ඡාවකදීයි.
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් වියට්නාමයේ අධ්‍යයන චාරිකාවකටද සහභාගී කරවීමට ද බලාපොරොත්තු වන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කළේ.
දෙරටේ ව්‍යවස්ථා සම්පාදකයින් සිය අත්දැකීම් බෙදා හදා ගනිමින් කටයුතු කිරීම දෙරටටම සුබදායී කරුණක් බවයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ.