Sunday, September 22, 2024

General line - 0115112241

පාසල් අවට දුම්වැටි වෙළඳාමට තහනමක්




පාසල් අවට මීටර 500ක් ඇතුළත දුම්වැටි විකිණිම තහනම් කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඒ සඳහා වන කැබිනට් පත‍්‍රිකාවක්ද කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවයි. 

තනි දුම්වැටි විකිණීම ද තහනම් කර තිබෙනවා. 

දුම් පානය කිරීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 72ක්. 

දුම්බීම සහ මධ්‍යසාර භාවිතයෙන් වසරකට මිනිස් ජීවිත විසිපන්දහසක් පමණ අහිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.