කඩවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වූ පුද්ගලයෙක්.
එම ඝාතනය සඳහා යොදා ගත් බව කියන මන්නා පිහියක් ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ද තුවාල ලබා ඇති අතර මේ වනවිට ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ.