Friday, December 27, 2024

General line - 0115112241

කාල් වින්සන්ට එකතු වෙන්න සබ්මැරීනයකුත් එයි




මිසයිලවලින් සන්නද්ධ අමෙරිකානු සබ්මැරීනයක් දකුණු කොරියාව ආසන්නයට පැමිණ තිබෙනවා. ඒ, උතුරු කොරියාව තවත් මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරනු ඇතැයි මත පළ වී තිබීයදි වීම විශේෂත්වයක්. කොරියානු මුහුදු කලාපය වෙත යාත‍්‍රා කරමින් ඇති අමෙරිකානු කාල් වින්සන් නෞකාව ප‍්‍රමුඛ යුද නැව් සමූහය සමග මෙම සබ්මැරීනයද එක් වීමට නියමිතයි. උතුරු කෙරියානු යුද හමුදාවේ 85 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මීට පෙර මෙම දිනය සමරමින් මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබුණා.