Sunday, September 22, 2024

General line - 0115112241

සිරිකොත අලියාට වෙඩි තිබ්බ පොලිස් කොස්තාපල්ගේ මනස පරීක්ෂා කරයි




එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සවි කර ඇති අලියාගේ සළකුණට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියමිතයි.

අදාළ කොස්තාපල්වරයා අද (02) පස්වරුවේ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.

එහිදී අධිකරණය නියෝග කළේ අදාළ කොස්තාපල්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඒ අනුව මැයි මස 15 වැනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිසිය සඳහන් කරන්නේ ඔහුගෙන් තව දුරටත් ප‍්‍රශ්න කිරිම් සිදු කරන බවයි.  

මෙම වෙඩි තැබීම චේතාන්විතව සිදු කළේද නැතහොත් රාජකාරී ගිනි අවිය අපරික්ෂාකාරී ලෙස ක‍්‍රියාකරවීමෙන් සිදු වූවක්ද යන්න සෙවීමට විමර්ශන සිදු කෙරෙනවා.