Sunday, September 22, 2024

General line - 0115112241

"රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ විපක්ෂය එකම ගමනක"




රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය  සහ ඒකාබද්ධ විපක්ෂය එකම මතයක සිට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය පෙරළීමේ අරමුණින් සිදු කරන වර්ජනවලට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් වී සිටින බවයි.

මාළඹේ සයිටම් පෞද්ගලික වෛදය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 21ක් ඒකාබද්ධව අනිද්දා (05) සිදු කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වෙසක් පොහොයෙන් පසු වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානමින් සිටි බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. එසේම වෙසක් උත්සවයෙන් පසු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමටද ඔවුන් සැළසුම් කර තිබෙනවා.

ඒ සියල්ල සිදු කෙරෙන්නේ රජය පෙරළා දැමීමේ අරමුණින් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2015 වසරේ ජනවාරි මස 08 වැනිදා දූෂිතයන් පරාජයට පත් කළද ඔවුන් යළි බලයට ගෙන ඒම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සාහ දරමින් සිටින බවද සඳහන් කෙරුණා.  

ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව තිබියදී ක‍්‍රියාත්මක කෙරෙන මෙවැනි වර්ජනවලට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ.