Sunday, September 22, 2024

General line - 0115112241

බක්කුල මහ රහතන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර චෛත්‍යයක් ඉදිකිරීමට පියවර




ගිලන් වූ භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයක බක්කුල මහ රහතන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර චෛත්‍යයක් ඉදිකිරීම වඩාත් වැදගත් වන බව හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ බක්කුල මහ රහතන් වහන්සේට නිරෝගී භික්ෂූන් අතර අග තනතුර හිමි වූ බවයි. 

චෛත්‍යයේ ඉදිකිරිම් කටයුතු හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේදී ආරම්භ කෙරෙනවා.

රුවන්වැලි මහා සැයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු "විසා" නැකතින්ම බක්කුල මහා සෑයේද ඉදිකිරීම් ආරම්භ කරන බවයි පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.