Wednesday, May 8, 2024

General line - 0115112241

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පෙරමුණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට




ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. 

තරග 11කදී ඔවුන් ලබාගෙන ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව 09ක්. 

දෙවන ස්ථානයේ පසුවන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 12ක දී ජයග‍්‍රහණ අටක් වාර්තා කර තිබෙනවා. 

රයිසින් පූනේ කණ්ඩායම පසුවන්නේ ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේයි. 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවන්නේ තරග 12කින් තරග 06ක් ජය ගනිමින්. 

මේ අතර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. 

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.