Sunday, April 28, 2024

General line - 0115112241

සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති වලට හානි - එක් පරිගණකයක් යථා තත්වයට පත් කිරීමට $300 ඉල්ලයි




සිකුරාදා සිදු වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි අද (14) නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙනවා. 

ඉන් බහුතරයක් ව්‍යාපාරිකයින්ට අයත්. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රුසියාවේ සහ බ්‍රිතාන්‍යයේ පරිගණක පද්ධතිවලටයි. 

පරිගණක ආරක්ෂක විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම සයිබර් ප්‍රහාරයත් සමඟ ලෝකය අවදානමකට පත්ව ඇති බවයි. 

එමෙන්ම හෙට උදෑසන වනවිට තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඔවුන් පවසනවා. 

එය වළක්වා ගැනීමට අපොහොසත් විය හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ. 

සෑම වසරකම පාහේ සයිබර් අපරාධ මැඬලීම සඳහා ලොව පුරා විශේෂිත මෙහෙයුම් දෙසියයකට වැඩි සංඛ්‍යාවක් සිදු කෙරෙනවා.

එහෙත් ඉකුත් සිකුරාදා එල්ල වූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු කිසිදු දිනෙක වාර්තා වී නොමැති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

කප්පම් ඉල්ලා සිටින හැකරුන් විසින් මුදාහළ වෛරසය හේතුවෙන් වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය ඇතුළත් ය.

මේ අතරතුර තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙවැනි සයිබර් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය ඉකුත් මාර්තු මාසයේදී මෘදුකාංගයක් හඳුන්වා දී තිබුණා.

එහෙත් බොහෝ පරිගණක පද්ධති යාවත්කාලීන කර නොතිබූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. 

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

------------------------------------------------------

තවත් සයිබර් ප්‍රහාරයක් සිදුවෙන බවට දැනුම් දෙයි (UPDATE 14-05-2017 10.52AM

ලොව පුරා රටවල් රැසක පරිගණක පද්ධතිවලට තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව පරිගණක විශේෂඥයන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල විය.

ඒ අනුව ලබන සදුදා මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල විය හැකි බවටයි විශේෂඥයන් අනතුරු අඟවා තිබෙන්නේ.

ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ රුසියාව යන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වීමේ අවදානමක් පවතිනවා.

ඉකුත් සිකුරාදා එල්ලවූ සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 99ක පරිගණක පද්ධතිවලට හානි සිදු වුණා.

දැනට ගණන් බලා ඇති පරිදි මෙම සයිබර් ප්‍රහාරය නිසා පරිගණක පද්ධතීන් එක්ලක්ෂ විසි පන්දහසකට පමණ හානි සිදුව ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වුණේ. 

අදාළ වෛරසය හේතුවෙන් පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය.