Monday, April 29, 2024

General line - 0115112241

පිළියන්දළ වෙඩි තැබීමේ පරීක්ෂණ සී අයි ඞීයට




මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල ප‍්‍රදේශයේදී ඉකුත්දා එල්ලවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවල එක් අදියරක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි තිබෙනව. 

ඒ, එම මෙහෙයුම් ක‍්‍රියාවලියේදී කිසියම් අඩුපාඩුවක් සිදු වූයේ දැයි සොයා බැලීම සඳහායි. 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාසයද පරීක්ෂන සිදු කරනවා. 

මෙම වෙඩි තැබීමේ සිද්ධියට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ ද සම්බන්ධයක් ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. 

ඊට හේතු වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නිලධාරීන් අතරට මෙරට මෙන්ම ජාත්‍යත්තර මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ද කැපී පෙනෙන සේවාවක් සිදු කළ නිලධාරීන් ඇතුළත්ව සිටීමයි. 

එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීවගේ මැදිහත්වීම මත මීට පෙර සිදු කළ වැටලීම්වල දී හෙරොයින් සහ කොකේන් කිලෝග‍්‍රෑම් 2600ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණා. 

මේ අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ දල ඡුායාරූප ඉකුත්දා මාධ්‍යයට ද නිකුත් කළා.