Sunday, April 28, 2024

General line - 0115112241

නෙත් නිව්ස් මැදිහත්වීමෙන් වේල්ලක් රැකගන්න හමුදාව යයි




බණ්ඩාරගම මිල්ලණිය වේල්ල ආශ‍්‍රිතව ඇති වී තිබෙන හදිසි තත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

මිල්ලණිය වේල්ල ආශ‍්‍රිතව මතු වී ඇති තත්වය පිළිබඳ බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවට අවට ජනතාව නෙත් නිවුස් වෙත දැනුම් දුන්නා.  ඒ අනුව ක‍්‍රියාත්මක වූ නෙත් නිවුස් කණ්ඩායම අදාළ බලධාරීන් සම්බන්ධීකරණය කරමින් මතුවිය හැකි අවදානම් තත්වය පාලනය කිරීම සඳහා පියවර ගත්තා. පවතින තත්වය නිරීක්ෂණය කිරීම සඳහා නෙත් නිවුස් කළ දැනුම් දීමකින් අනතුරුව යුද හමුදාපතිවරයා ද මේ වනවිට එම ස්ථානයට ළඟා වෙමින් සිටිනවා.